Framework

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද නිපුණතාවක් සහිත මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියක් වන්නේ් කෙසේ ද, විධිමත් පුහුණුවක් ලබාගැනීමට සුදුසු ආයතන හ‍ා පාඨමාලා මොනවා ද, දේශීයව හා අන්තර්ජාතිකව පිළිගන්නා සහතික මොනවා ද යන්න බොහෝ දෙනාට නිරත=රුව ඇතිවන ගැටලු ය. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණියන්ට මෙම වෘත්තයේ ඇති වටිනාකම පිළිබදව පුලුල් අවබෝධයක් නොමැත. එබැවින් ඒ සදහා අදාළ වන නෛතික රාමුව පහත විස්තර කෙරේ.
පාසල් අධ්‍යාපනයෙන් පසු කෙනෙකු ලබන අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතට ගොණූ කළ හැක.

01. විශ්වවිද්‍යාල අධ්‍යාපනය –
ලංකාවේ තිබෙන සෑම විශ්වවිද්‍යාලයක්ම සහතික පත්‍ර හෝ වේවා ඩිප්ලෝමා හෝ වේවා උපාධි හෝ වේවා පශ්චාද් උපාධි හෝ වේවා කවර හෝ පාඨමාලාවක් සැලසුම් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සකස් කර ඇති Sri Lanka Qualification Framework (SLQF) අනුවය. ඒ අනුව විශ්ව විද්‍යාල මගින් ලබාගන්නා පාඨමාලවට පිළිගැනීමක් ඇත. ජාතික අධ්‍යාපන ආයතනය වැනි සුවිශෞෂ ආයතන පවත්වන පාඨමාලා ද මේ යටතට වැටේ. මෙයට අමතරව විදේශ විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කර ඇත.

02. තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපනය

ශ්‍රී ලංකාව තුළ බර වාහන හෝ වේවා යන්ත්‍ර සූත්‍ර හෝ වේවා රූපලාවන්‍ය හෝ වේවා පරිගණක හෝ වේවා මුල් ළමාවිය හෝ වේවා කවර හෝ ක්ෂේත්‍රයක වෘත්තීය පුහුණුව ලබා දිය යුත්තේ කෙසේ ද යන්න නීතිගත කර ඇත. එය Sri Lanka Vocational Qualification Framework (SLVQF) ලෙස හදුන්වයි.
SLVQF අනුව කවර හෝ ක්ෂ්ත්‍රයක ලබා ගන්නා වෘත්තීය පුහුණුව පිළිගැනීමට ලක්වන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම අනුවය.
NVQ 04 වෙනි මට්ටම හිමි පුද්ගලයෙකු අදාළ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ලෝකයේ සෑම රටක්ම පිළිගනියි. දේශීයව හෝ අන්තර්ජාතිකව රැකියා වෙළදපොළේ ද ඉහළ ඉල්ලුමක් ඇත.
NVQ 05 ‍වෙනි මට්ටම අදාළ ක්ෂේත්‍රයේ කළමණාකරුවෙකු ලෙස පිළිගන්නා අතර 06 වෙනි හා 07 වෙනි මට්ටම සම්පූර්ණ කළ විට උපාධිදාරි මට්ටම‍ට පත් වේ.
සෑම වෘත්තියකම එක් එක් NVQ මට්ටම සදහා ජාතික නිපුණතා සම්මතයන් (NCS) හා එයට අනුව සකස් කළ විෂයමාලා ඇත. රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශය හෝ වෘත්තීය පුහුණු ආයතන වලට NVQ ලබා දීම සදහා පාඨමාලා පැවැත්විය හැකි ය.

ලංකාව තුළ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ කවර හෝ ආයතනයක් කවර හෝ වාත්තියකට අදාළ පාඨමාලාවක් පවත්වන්නේ නම් එම ආයතනය හා පාඨමාලාව වලංගු වන්නේ පහත සදහන් කොන්දේසි සපුරා ඇත්නම් පමණි. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබදව ද මෙය එක සේ බලපායි.

01.පාඨමාලා පවත්වන ආයතනය හා අදාළ මධ්‍යස්ථානය තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි කර තිබිය යුතුය.

02. අදාළ පාඨමාලාව තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි කර තිබිය යුතුය. එසේ ලියාපදිංචි කිරීමේදී පාඨමාලා සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලාවක් ලෙස සපුරා ඇති නිර්ණායක අනුව ලියාපදංචි කරයි.

මෙසේ පාඨමාලාව ලියාපදිංචි කළ පසුව පාඨමාලාව අවසානයේ අදාළ වෘත්තීය පුහුණු ආයතනයට පාඨමාලාලාභීන්ට සහතික පත්‍ර නිකුත් කළ හැකිය. එය පාඨමාලාව ලියාපදිංචි කර ඇති ආතාරය අනුව එම සහතිකය ඩිප්ලෝමා මට්ටමේ හෝ සහතික පත්‍ර මට්ටමේ සහතිකයක් විය හැකිය.

විදේශගත වීමකදී ඔබගේ සහතික පත්‍ර විදේශ සේවා අමාත්‍යාංශයට ඉදිරිපත් කර සහතික කරවා ගත යුතුය. එහිදි ඔවුන් එම පාඨමාලාව හා සහතිකයේ මට්ටම සහතික පත්‍ර ද ඩිප්ලෝමා ද යන්න TVEC ආයතනයේ ලියාපදිංචි කර ඇති ආකාරය පරීක්ෂා කර බලා සහතික කිරීම සිදු කරයි. එසේ සහතික නොකරන සහතික වලට කිසිදු වටිනාකමක් නොමැත.

මුල් ළමාවිය රැකවරනය හා සංවර්ධනය පිළිබදව පාඨමාලා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලයේ ද ලියාපදිංචි කරනු ලබයි. මුල් ළමාවිය සම්බන්ධ ගුරුවරියක් ලෙස පළාත් සභාව තුළ ලිය‍ාපදිංචි වීමේ දී හා මුල් ළමාවිය සංවරර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ දී ‍ළමා ලේකම් කාර්යාලයේ ලියාපදංචි කළ පාඨමාලාවක් හදාරා තිබීම අත්‍යාවශ්‍ය වේ. පාඨමාලාව ළමා පල්කම් කාර්යාලයේ ලියාපදංචි කර තිබුන ද TVEC අයතනයේ ලියාපදංචි කර නොමැති නම් එම සහතිකය SLVQF අනුව නෛතික සහතිකයක් නොවේ.

TVEC ආයතනයේ ලියාපදිංචි කළ පාඨමාලා NVQ සදහා ප්‍රනීතනය කරන ලෙස අදාළ ආයතන වලට TVEC ආයතනයෙන් ඉල්ලා සිටිය හැකිය. අදාළ පාඨමාලාවෙන් NVQ මට්ටමට අදාළ NCS හා විෂයමාලාව ආවරණය වන්ටනේ නම් හා අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ නම් අදාළ පාඨමාලාව අදාළ NVQ මට්ටම් සදහා ප්‍රනීතනය කරයි. ඔබ හදාරණ පාඨමාලා NVQ සදහා පනීතතනය කළ පාඨමාලාවක් නම් පාඨමාලාව අවසානයේ NVQ ඇගයීම් ක්‍රියාවලියට ඉදිරිපත්ව NVQ සහතිකයක් ලබා ගත හැක. පිළිගත් වෘත්තීය සුදුසුකම් ලෙස මුලු ලෝකයම පිළිගන්නේ NVQ සුදුසුකමය.

ඔබ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ගුරුවරියක් නම් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර ගැනීම සදහා NVQ 04 වන මට්ටම සම්පූර්ළණ කර තිබිය යුතුය. එබ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක විදුහල්පතිවරියක් හො කළමණාකාරීවරියක් නම් NVQ 05 වෙනි මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය. ඔබ දිවා සරැකුම් මධ්‍යස්ථානයක ගුරුවරියක් නම් ළමා රැකවරණය පිළිබදව NVQ 04 නවනි මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය. ඔබ ළමා රැකවරණ මධ්‍යස්ථ‍ානයක විදුහල්පති හෝ තළමාණාකාරීනියක් නම් ළමා රැකවරණය පිළිබදව NVQ 05 නවනි මට්ටම සම්පූර්ණ කර තිබිය යුතුය. එසේ නොමැති නම් ඔබ වෘත්තීය සුදුසුකම් රහිත පුද්ගලයෙක් වනු ඇත.දෙමාපියන් ද වර්තමානයේ තම දරුවන් මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට හෝ දිවා සුරකුම් මධ්‍යස්ථ‍ානයකට තම දරුවා ඇතුළත් කිරීමේදී එම ආයතනයේ ගුරුවරියන්ගේ වෘත්තීය සුදුසුකම් විමසා බලයි. එම නිසා එම සුදුසුකම් සම්පූර්ණ කර ගැනීම ඔබගේ යුතුකමයි.

ඔබ වෘත්තීය පුහුණව ලබන ආයතනයේ ගුණාත්මක බව හා නිසි ප්‍රමිතිය මැනවින් පවත්වාගෙන යන්නේ නම් එම ආයතන සදහා TVEC ආයතනය තත්ත්ව කළමණාකරන සහතික (QMS) නිකුත් කරයි. QMS සහිත ආයතනයකින් ඔබ වෘත්තීය පුහුණුව ලබන්නේ නම් ඔබගේ වෘත්තීය ිපුහුණුව වඩාත් සුරක්ෂිත වනු ඇත.

මුල් ළමාවිය සංවර්ධන කාර්්‍යයේ නිරත වන ගුරුවරියන් හා එම ‍ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය පිළිබදව ක්‍රියාත්මක වන ඉහත නෛතික රාමුව පිළිබදව ඇත්තේ ඉතා අල්ප අවබෝධයකි. එබැවින් පාඨමාලාවක් හැදෑරීමට පෙර ඉහත නෛතික තත්වයන් මැනවින් පරීක්ෂා කර බලා පුහුණු ආයතනයක් තෝරා ගෙන තම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම අත්‍යාවශ්‍යය.

ගුරු පුහුණු ආයතන ද තම පාඨමාලාවේ ගුණාත්මක බව පමණක් නොව උක්ත නෛතික රාමවට අනුගතව පාඨමාලා මෙහෙයවුවහොත් එම ආයතන වල පාඨමාලාලාභීන්ගේ නිපුණතා සංවර්ධනය පමණක් නොව ඔවුන් ලබන වෘත්තීව සුදුසුකම් වලට ද නිසි වටිනකමක් එකතු වනු ඇත.

ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධනයක් සෑම දරුවෙකුටම සුරක්ෂිත කිරීම සදහා වෘත්තීය සුදුසුකම් සහිත වෘත්තිකයන් ගොඩනැංවීම සදහා ඉහත දැක්වූ වෘත්තීය සුදුසුකම් රාමුව ශක්තිමත් කරමු.