Monitoring

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල කටයුතු විධිමත්ව සිදු කෙරෙනවාද යන්න විමසා බැලීම සදහා විධිමත් අධික්ෂන කියාවලියක් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් මෙන්ම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ද කි්‍රයාත්මකය. ළමා ලේකම් කාර්යාලය මෙන්ම පළාත් පෙර පාසල් ඒකකය/අධිකාරි ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම අධික්ෂණ කටයුතු සිදු කරයි.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂන කි්‍රයාවලියට අදාල හරවත් දැනුම හුවමාරැ කර ගැනීමටත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල හා ගුරැවරියන්ගේ අධික්ෂණ කටයුතු වල නිරතවන  අධීක්ෂන නිළධාරීන්ට ප්‍රයෝජනවත් දැ මෙහි ගොණු කිරීමට අපේක්ෂිතය. 

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ප්‍රමාණවත් නිපුණත්වයක් ඇති මුල් ළමාවිය සංවර්ධන  නිළධාරීන්ට, මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ට, විදුහල්පතිවරැන්ට මෙන්ම ගුරැ උපදේශකවරැන්ට ද තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා අයදුම්පතක් ලබාගෙන අයදුම් කළ හැකිය.