Holistic Development

(Kids of Lotus Little Campus- Anuradapura)
(Kids of Lotus Little Campus- Anuradapura)

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පරමාර්ථ වන්නේ දරුවාගේ පූර්ණ සංවර්ධනයයි. එය සමස්ථ සංවර්ධනය, සමෝධානික පෞරුෂ වර්ධනය ආදී ලෙස විවිධ නම් වලින් ද හදුන්වයි. මුල් ළමාවිය දරුවන්ගේ සමස්ථ සංවර්ධනය විධිමත්ව සිදු කිරීම සදහා මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධව ජාතික ප්‍රමිතියක් ගොඩනැගී ඇත. 2017 ජූලි මස අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති මෙම මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ ජාතික ප්‍රමිතියට අනුව දිවයින පුරා පිහිටා ඇති සෑම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්ම තම ක්‍රියාකාරකම් සැලැසුම් කළ යුතුය.

මුල් ළමාවිය දරුවන්ගේ පූර්ණ සංවර්ධනය සදහා සංවර්ධන අංශ 04 ක් මෙම ජාතික ප්‍රමිතිය අනුව හදුන්වා දී ඇත. ඒවා නම් 

01. සෞඛ්‍ය හා කායික 

02. භාෂෘව හා මුල් කාලීන සාක්ෂරතාව

03. සාමාජීය හා චිත්තවේග

04. ප්‍රජානන යන අංශ වේ. 

මෙම එක් එක් සංවර්ධන අංශ යටතේ අනු අංශ ගොඩනගා ඇති අතර එක් එක් අනු අංශය යටතේ මුල් ළමාවිය දරුවා තුළ සංවර්ධනය කළ යුතු සුවිශේෂී අංශ ‍ ගොඩනගා ඇත. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ සෑම ක්‍රියාකාරකමක්ම සැලසුම් කළ යුත්තේ මෙම සුවිශේෂී අංශ සංවර්ධනය අරමුණු කර  ගෙනය.

මෙම එක් එක් සුවිශේෂී අංශය ප්‍රමාණවත් ලෙස දරුවා තුළ සංවර්ධනය වි ඇතිදැයි තක්සේරු කිරීමට ප්‍රමිති ගොඩනගා ඇති අතර එම ප්‍රමිතියට දරුවා සංවර්ධනය වී ඇතිදැයි බලන්නේ මිනුම් දඩු හෙවත් දර්ශක කිහිපයක් ඔස්සේය.  එක් එක් සුවිශේෂී අංශය පිළිබද විමසා බලන විට ඊට අදාළ ප්‍රමිති, ක්‍රියාකාරකම් හා දර්ශක දක්වා ඇත. මෙහිදී වයස අවුරුදු 04 දරුවන් සදහා වෙනම ද වයස අවුරුදු 05 දරුවන් සදහා වෙනම ද ක්‍රියාකාරකම් හා දර්ශක ගොඩනගා ඇත. 
මුල් ළමාවිය දරුවාගේ සමස්ථ සංවර්ධනය සදහා සංවර්ධනය කළ යුතු සංවර්ධන අංශ, අනු අංශ, සුවිශේෂී අංශ මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ප්‍රමිතියට අනුව පහත දැක්වේ.