Research Methodology for ECCD

පර්යේෂණ අනාවරණ එළිදැක්වීමේ ජාතික සමුළුව – 2020 මාර්තු

මුල් ළමාවිය දරැවන්ගේ සමස්ත සංවර්ධනයට සංගීත ප්‍රතිකාර ක්‍රමය කෙසේ භාවිතා කළ හැකි ද

2019 වර්ෂය සදහා පර්යේෂණ මාතෘකා ප්‍රකාශයට පත් කර ඇත. පර්යේෂණ මාතෘකාවක් තෝරාගැනීමට අදාල මග පෙන්වීම හා මාතෘකාවට අදාල න්‍යායාත්මක කරැණු http://saiihe.com/research-area-for-2019-in-eccd-diploma/ මගින් ලබා ගත හැක. ක්‍රියාමූලික පර්යේෂනයක් සිදු කරන ආකාරය පිළිබද දැනුවත් කිරීම හා මග පෙන්වීම මෙම පිටුවෙන් සිදු කරනු ලබයි.

ස්වාධීන අධ්‍යයනය ඛාණ්ඩ  3 ක් යටතේ සිදු කරන හෙයින් ඔබට ද සහභාගි වී සාර්ථක පර්යේෂනයක් සිදු කර නැවුම් අත්දැකීමක් ලබාගත හැක. මුල් ළමාවිය දරැවන්ගේ සමස්ත සංවර්ධනයට සංගීත ප්‍රතිකාර ක්‍රමය කෙසේ භාවිතා කළ හැකි ද යන මාතෘකාව ඔස්සේ 2020 වසරේ මාර්තු මස පැවැත්වීමට අපේක්ෂිත  ජාතික මට්ටමේ සම්මේලනයක් හරහා පර්යේෂන සොයාගැනීම් එළි දැක්වීමට අපේක්ෂිත ය. එක් එක් ඛාණ්ඩය යටතේ ඉදිරිපත් කරන සාර්ථකම පර්යේෂන නිබන්ධන ජාතික සමුළුවේදී ඉදිරිපත් කිරීමට අවස්ථාව හා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිත.

පර්යේෂණ නිබන්ධන සදහා ඉදිරිිපත් විය හැකි කාණ්ඩ

01. සංවෘත ඛාණ්ඩය – දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යපන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ ගුරැ සිසු සිසුවියන්ට පමණක් මේ සදහා සම්බන්ධ වේ.

02. විවෘත ඛාණ්ඩය – දිවයිනේ රජයේ හෝ පෞද්ගලික අංශයේ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියක් ලෙස සේවය කරන ගුරැවරියන්ට

03. පොදු ඛාණ්ඩය – මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන පිළිබද“ උනන්දුවක් දක්වන ඕනැම කෙනෙකුට විවෘත කාණ්ඩය – දෙමාපියන්ට වුව ද මෙම ඛාණ්ඩය යටතේ ඉදිරිිපත් විය හැත.

කවර ඛාණ්ඩය යටතේ ඉදිරිපත් වුවද ලබා දී ඇති ආකෘති පත්‍රය ආදර්ශයට ගෙන සකස් කළ පර්යේෂණ මාතෘකා අනුමත කරගැනීමේ ආකෘතිපත්‍රය සම්පූර්ණ කර ceosaiihe@gmail.com යන විද්‍යුත් ලිපිනයට එවා මාතෘකාව අනුමත කර ගත යුතු ය.

2020 වසරේ මාර්තු මාසයේ් පැවැත්වීමට නියමිත මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ජාතික සමුළුවට හොදම පර්යේෂන නිබන්ධන ඉදිරිපත් මුල් ළමාවිය සංවර්ධන සම්බන්ධව වසරේ විශිිෂ්ඨතම පර්යේෂකයාවීමේ භාග්‍ය ඔබ හිමි කර ගනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.