Visit to the Environment – පරිසර චාරිකාව

Title of the Project : Visit the Environment – පරිසර චාරිකාව 2020.03.06

To Whom :  for the Pre school Children

Date : 06th March 2020 from 8.30 am to 12.00 pm

Location: Bellanvila Walking tracks

Organizer : Students of the South Asian International Institute of Higher Education 

Partnership : Divisional Secretariat office in Maharagama  

Financial Support for Gifts to kids : Wijerama Branch, Bank of Ceylon

Chief Guest: Hon. Dinesh Gunawardena – Minister of Skills Development

Guidance to Pre School:

විදුහල්පති,

……………………………….. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය,

 

විදුහල්පතිතුමියනි,තුමනි,

පෙරර පාසල් දරුවන්ගේ පරිසර චාරිකාව – 2020.03.06
ලෝකයේ සෑම රටක් ම වසර 2030 වන විට ළගාකර ගැනීමට බලාපොරොත්තු වන තිරසාර සංවර්ධන ඉලක්කවල 4.2 ඉලක්කය වන්නේ ‘‘පාසල් අධ්‍යාපනයට ඇතුළුවීමට පෙර සැම දරුවෙකුටම ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධන අවස්ථා සුරක්ෂිත කිරීමයි’’.

රජයේ අරමුණ වන්නේ ද පාසලේ දී ලබාදිය යුතු දැනුම ලබාදෙන තවත් එක් තරගකාරී ස්ථානයක් බවට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පත්කිරීම වෙනුවට දරුවන්ට දයාව, කරුණාව, මෛත‍්‍රිය, භුක්ති විදිය හැකි ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක ස්ථානයක් බවට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පත්කිරිමයි.

පෙර පාසල් සදහා වාර්ෂික කි‍්‍රයාකාරකම් සැලැස්මට අනුව පළමු වාරයේදී ගස් වැල් හා පරිසරය පිළිබදව ප‍්‍රායෝගික අත්දැකීම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට ලබා දීමට නිර්දේශ කර ඇත. එම ඉගෙනුම් අත්දැකීම් පෝෂදායිව ලබාදිය හැකි ගස් වැල්, කුඹුරු, වැව්, ජලය ආශ‍්‍රිත සතුන්, කුරුල්ලන් වැනි ඉගෙනුම් අවස්ථා සපිරි ස්වභාවික පරිසරයක් බෙල්ලන්විල වැව මුල් කරගෙන පිහිටි තෙත්බිමි උද්‍යානය හා ඇවිදින මංතීරු ආශි‍්‍රතව පිහිටා ඇත.
මහරගම ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ පුර්ණ සහයෝගය ඇතිව පෙර පාසල් දරුවන්ට පරිසර අත්දැකීම් ලබාදීම සදහා පරිසර චාරිකාවක් 2020 මාර්තු මස 06 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා බෙල්ලන්විල වැව මුල් කරගෙන පිහිටි තෙත්බිමි උද්‍යානය හා ඇවිදින මංතීරු ආශි‍්‍රතව පැවැත්වීමට අප ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන් කටයුතු සැලසුම් කර ඇත. ඔවුන් විචිත‍්‍රවත් හා ඵලදායි ක‍්‍රියාකාරකම් රාශියක් ඔබේ පෙර පාසලේ දරුවන් සමග එම කාලපරිච්චේදයේදී සිදු කරනු ඇත. මෙම පරිසර චාරිකාවට සහභාගි වන සෑම දරුවෙකුටම වටිනා ත්‍යාග හා සහතික පතක් ද රු 250 බැගින් තැන්පත් කළ බැංකු පොතක් ද ලබාදීමට ලංකා බැංකුව ද සුදානමින් සිටි.
2020 මාර්තු මස 06 වන බ‍්‍රහස්පතින්දා දින පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා බෙල්ලන්විල වැව මුල් කරගෙන පිහිටි තෙත්බිමි උද්‍යානය හා ඇවිදින මංතීරු ආශි‍්‍රතව පැව්ත්වීමට සැලසුම්කර ඇති පෙර පාසල් දරුවන්ගේ පරිසර චාරිකාව සදහා ඔබේ පෙර පාසලට ද සහභාගි වන ලෙස ආරාධනා කර සිටින්නෙමු. ඔබේ පෙර පාසලේ දරුවන්ටත් මෙම සුන්දර අත්දැකීම ලබාදීමට කැමති නම් 0112815001 ‍හෝ 0727573044 අමතා පෙර පාසලේ නම හා සහාභාගිවන දරුවන් සංඛ්‍යාව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. සහභාගි වීම සදහා අවස්ථාව ලැබෙන්නේ සීමිත පෙර පාසල් ප‍්‍රමාණයකට හෙයින් හැකි ඉක්මනින් ඔබ පෙර පාසලේ සහභාගිත්වය දැනුම් දෙන ලෙස ද කරුණිකව දන්වා සිටිමි.
ස්වභාවික පරිසරය ආශිතව සාමුහික අත්දැකීම් ඵලදායිව ලබාදීම තුළින් මුල් ළමාවිය අධ්‍යාපනය ඵලදායි කිරීමට කැපවෙමු.

SAIIHE students on field trip on 01st February 2020 to Bellanvila park to plan march 06th Project.