ගැහැණු ළමයෙක් චූටි ටිචර් කෙනෙක් වෙන්නම ඕනි ඇයි..

ගෑනු_ලමයෙක්_චුටි_ටිචර්_කෙනෙක්_වෙන්නම_ඕනි_ඇයි..

අම්මගේ කුසේ ඉඳන් අපි එළියට ආපු දා ඉඳන් අපි හැදුනේ අපේ අම්මා තාත්තා නෑදැයෝ සහෝදර සහොදරියෝ ලඟ.. පුංචි කාලේ ඉඳන් සෙල්ලමටම හුරු පුංචි පැටව්න්ට දෙවනි අම්මා වෙන්නේ එයා⁣ලගේ පෙර පාසල් ටිචර්..

හැමදාම උදේට හරි හරියට සාරියත් පට⁣ලගෙන කෑම ටිකක්වත් හරියට නොකා එයාලා දුවගෙන යන්නේ තමන්ගේ ලෙයින් හැදුනේ නැතත් ඒ තරමටම එයාලට වටින පුංචි මැණික් කැට ටිකක් එයාල බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න නිසයි.. ඉතින් හිතලා බලන්නකෝ අද සමාජේ ඉන්න ගොඩක් ගැහැණු ළමයි එයාලට අාස දේවල් ගන්න එයාලගේ ලොකු ලොකු අවශ්‍යතා සපුර ගන්න ලොකු පඩි දෙන රැකියා වලට ගියාට මගේනම් හිත කියන්නෙම ගැහැණු ළමයෙක් එකම එක දවසක් හරි පුංචි ටිචර් කෙනෙක් වෙන්නම ඔනි..

ඇයි දන්නවද?

එයාලට ඒ රස්සාවෙන් ලොකු පඩියක් ලැබුනේ නැතත් හිතේ පුංචිවත් කහටක් නැති කුහකකම ඊර්ෂ්‍යාව දන්නෙවත් නැති පුංචි පැටව් ටිකක් එක්ක දවස ගත කරන්න ලැබේන එකම කාටවත් මේ ලොකේ ලැබෙන්නේ නැති ලොකු පිනක්.. මුලු දවස පුරාම ටිචර් ටිචර් ගාගා පස්සෙන් එන දඟ වැඩ කරලා සැර කරද්දි අහිංසක මුණක් දාන පුංචි යක්ෂ පැටව් ටිකක් එක්ක ඉන්න එකත් හැමොටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි එකයි චුටි ටිචර්ලා තවත් විශේෂ වෙන්නේ.. ඒ විතරක්ද පුංචි කාලේදිම දරුවන් එක්ක සමීප වෙද්දි කවදම හරි ඒ පුංචි ටිචර්ගේ විවහා ජිවිතෙත් හරි ලස්සන එකක් වෙයි.. තමන් අම්මා කෙනෙක් වුන දවසට තමන්ගේ පැටියව අනික් කාටවත්ම වඩා හොඳට බලාගන්නත් එයාලට පුලුවන් වෙයි..

හිනාවෙන ඇස් එක්ක මුලු දවස ගෙවන්නට..
දැඟලිල්ල හිනැහිල්ල අතරේ දුව පනින්ට..
හා පැටව් රැලකගේම ආදරේ ලබන්නට..
ටිචර් කෙනෙක් වෙන්න,

 Gamage S Sugandi.

Principal

Little Me Pre School and Learning Hut

2019.06.17

සුගන්ධි ටිචර්ගේ ලිපියට පසුවදනක්…..

අපේ රටේ ගොඩක් දෙනා මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියක් වෙන්න කැමති නැත්තේ එකෙන් ලැබෙන්නේ සොච්චම් පඩියක් කියලා හිතලා. නිර්මාණශීලි දක්ෂ ගුරැවරියන්ට වැටුප සොච්චම් වෙන්නේ නැහැ. ඔවුනට වෙළදපොළ ඉල්ලුම් ගොඩක් වැඩියි. එක වෙනම කථාවක්. දැන් මාතෘකාවට යමුකෝ. හැමෝගෙම ටාර්ගට් එක කොහොම කොහෙම හරි  ලොකු ලොකු රස්සා හොයන්නේ ලොකු මුදලක් හොයා ගන්නනේ.  ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස් බිලියනපතියෙක්. අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී මිය ගියා. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය සමාජ ජාලාවල හුවමාරැ වෙනවා දැකලා උපුටා ගත්ත  මේ ලිපියට පසුවදනක් එකතු කරන්න. 

එසී කාමරේක කැරකි කැරකි ඉදලා ලබන රැ 60,000 ක හෝ රැ 6,00,000 ක මාසික වැටුපට වඩා  මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියක් මාසෙට ලබන රැ 6000 ක මුදලේ වටිනාකම වැඩියි කියලා එතකොට හිතේවි. 

ජානක කමල්ගොඩ

2019.06.17

කතෘ – උල්පත

ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපයක්…

“ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.

කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.

මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.

ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.

නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත – එය නමින් “ජීවිතයයි”.

පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත – එය නමින් “නීරෝගීමත් ජීවන ක්‍රමයයි”.

ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද, කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ලඟා වනු ඇත.

ඔබේ පවුලට නොපමාව ප්‍රේමය කරන්න, ඔබේ කලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න, ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න…

කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.

පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වේ.

තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත.

තමා ජීවත් වන නිවස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත.

ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත.

එසේනම්… ඔබත් සමග කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටීනම්, එය සැබෑ තුෂ්ටියක්ය..

ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.

ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත.

ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න.. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න…

ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය ඔබ කළමණාකරණය කරගන්න! ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි…”

ස්ටීව් ජොබ්ස්

මුදල් වලින් ගොඩක් සැප විදින්න පුළුවන්. හැබැයි සැනසීම මුදල්වලට දෙන්න බැහැ. මුදල් දිලා ගන්නත් බැහැ. ඒක නිරාමිස සුවයක්.  ටිවි එක දිහා බලන් හිටියොත් පෙන්වා ඇති ලොකුම ලොකු පුටුවල ඉන්න ඉහළම තනතුරැවල වැජබෙන ඉහළම  සැප විදින  අයගේ ආත්ම හැම තත්පරේ්ම පිච්චෙන ආකාරය. ඔවුන් කෙරෙහි ජනතා ප්‍රතතිචාර.   හැබැයි පුංචි දරැවොත් එක්ක සොච්චම් පඩියකට තමන්ගේ සාරය සිප් කිරි කරලා පොවන චූටි ටිචර් කෙනෙක් ලබන ආත්ම තෘප්තිය සැනසීම මහ මෙරක්.  Gamage S Sugandi චූටි ටීචර්ගේ Facebook එකේ ඇය යොදා තිබු සටහනක් මේ ලිපියටම එක් කිරීම ඇයගේ මෙහෙවරටත් ඇය වන් දහසක් ගුරැවරැ තනන්නට SAIIHE හි සේවය කළ හා කරන සමස්ත කාර්ය මඩුල්ලය ලබාදුන් දායකත්වයටත් ස්තුතියක් ලෙස ගොණු කරමි. – කතෘ –   

South Asian institute ජීවිතයේ හැරවුම් ලක්ෂය…
 
කෙනෙක් මගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක් 
ටීචර් ඇයි චූටි ටීචර් කෙනෙක් වෙන්න හිතුවේ…මම දෙනවා ඒකට මෙහෙම උත්තරයක..  අපි හැමෝම හොයන්නේ මුදල් හැබැයි මම හොයන්නේ ආත්ම තෘප්තිය.. එයා මගෙන් මෙහෙම අහනවා මොකද්ද ටීචර් ආත්ම තෘප්තිය කියලා අදහස් කළේ කියලා… මන් හිතුවා එයාට මෙහෙම උත්තරයක් දෙන්න… ඔයත් චූටි ටීචර් කෙනෙක් වෙලාම බලන්න එතකොට ඔයාට තේරෙයි….ඇයි මම එහෙම කිව්වේ තවත් කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. මන් ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්….
 
මමත් මවුකුසින් එලියට ඇවිල්ලා අම්මගේ තාත්තගේ හුරතලේට හැදිලා පෙරපාසලට මුලින්ම ගිය දවසේ මගේ ටීචර් ලස්සන සාරි පොඩ්ඩක් ඇදලා කොණ්ඩේ ගොතලා ඉද්දි මගේ හිතේ මැව්න හීනේ මාත් එහෙම වෙනවා කියලා.. ඒ පුංචි කාලේ හිතුන දෙයක්.. මොකද එතකොට ජීවිතේ ඉන්න වීරවරියක් තමයි චූටි ටීචර්. හැබැයි කාලයත් එක්ක ඒ හීනේ හීනවෙනවා. මොකද කවුරුත් දගලන්නේ දොස්තර නෝනා කෙනෙක් මහත්තයෙක් වෙන්න.. එතකොට හිතුවේ ජීවිතේ තියෙන්නේ එතන කියලා.. ඔව් දොස්තර නෝනා කෙනෙක් කියන්නෙත් ආත්ම තෘප්තියක් ලබන කෙනෙක්… ඒත් ඒ දොස්තර මහත්තය හෝ නෝනා බිහිකරන්න මූලික අඩිතාලම දාන්නේ අපේ චූටි ටීචර්… මටත් තිබුණා ඒ හීනෙ. ඉතින් පාසල් ඉගෙනීම ඉවර වෙද්දි ඒ හීනෙට නම් යන්න බැරි උනා. නමුත් වෙනත් විශය ධාරාවකින් උසස් ඉගෙනුමත් ලැබුවා.. රැකියාවකුත් ලැබුනා. වැඩත් හරි වැඩී… ජීවිතේ ගැන තෘප්තික් ලැබුනද. නැහැ… ඒසී කාමරේක කැරකෙන පුටුවක වාඩි වෙලා වැඩ කලාට මාසෙ අන්තිමට හොද මුදලක් ලැබුනට මට ඒ ගැන කිසිම තෘප්තික් තිබුනේ නෑ.. 
ඒ කාලෙදි තමයි මන් ආපහු මගේ මුල්ම හීනේ පැත්තට හැරුනේ…. අනේ මටත් චූටි ටීචර් කෙනෙක් වෙන්න තිබුනනම්…. හිතුනු වාර අනන්තයි…
 
ඔහොම යද්දි තමයි south asian international institute එක ගැන දැන ගන්නේ.. හොයලා හොයලා හොදම තැන හම්බුනාම හිතට දැනුනේ හීනෙ හැබෑ වෙන්න යන ලකුණු .. ඒ විදියට ආයතනයට පා තබපු මම අද මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය මේක කරගත්තා.. එහිදී හමුවුණු උදාර මිනිසෙක් තමයි Janaka Kamalgoda සර්.. සර් ගොඩක් පින් ජීවිතේ දිනන්න වගේම දහසකුත් දරුවන්ට චූටි ටීචර් කෙනෙක් වෙන්න එයාලට දෙවනි මව වෙන්න අපිව හැදුවට… south asian institute එක කියන්නේ කෙනෙක් ජීවිතේ යම් කාලයක් ගත කල යුතුම තැනක්.. හුදෙක් ඉගෙනීමම පමණක් නොව ජීවිතය විනෝද හැකියාවන් එලිදක්වන්න කෙනෙක්ට ලැබුනු වටිනාම සම්පතක්.. Janaka kamalgod සර් පන්තියට ආව මුල් දවස අද වගේ මතකයි. ගාල්ලේ කෙල්ලෝ කිව්වාම ටිකක් විතර නාහෙට අහන්නේ නැති කට්ටියක් තමයි. සර් ගේ වචනෙන් කිව්වොත් බල මාලුයි මී කිරියි කාලා හැදුනු ශක්තිමත් කෙල්ලෝ… කියන දේ ටිකක් අහන් ඉන්නවා මදි නිසාදෝ නොදැනීම චෝක් කෑල්ලක් ලගට එද්දි ආපහු පාඩමට අපි කන් දෙනවා. වැඩියම එහෙම කරන්නේ අපි විනෝදයට. ඒත් සර් කවදාවත් අපිට සැර කලේ නෑ.. අපි තේරුම් ගත්ත දේ මේක තමයි පෙර පාසල් ගුරුවරියක් වෙන්න සුදුසුම තැන කියලා.. හන්තාන සිහිනේ සැබෑවක් කර ගද්දී ගුරුදෙණියේ රැය පහන් කලේ ජානක සර් ගේ චරිතයත් අනුකරණය කරලා.. අපි හිතුවට සර් ඒකට බනිවි කියලා අනේ සර් අපිත් එක්කම ඒක බලලා හිනාවෙද්දි ගුරුවරයෙක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි තේරුම් ගත්තා.. රැකියාවේ වැඩත් එක්ක ගෙව්නු ජීවිතේ හැමදාම ඇගිලි ගැන්නේ අනේ ඉරිදා වෙන්නේ කොයි වෙලේද කියලා. මොකද ඒ තරමට south asian සෙවණට එන්න අපි ආසයි. කොහොමින් කොහොම හරි අවසාන විභාගෙත් ලියලා ගාල්ලෙන් හොදම ප්‍රතිඵල ත් දාගනිද්දි හිතුවා චූටි ටීචර් කෙනෙක් වෙන්න… අද දරුවන්ගේ ඇස් පාදද්දි පින් දෙන්නේ හැරවුම් කේන්ද්‍රය වුණු south asian එකට…
 
ආත්මීය විදියට අද දරුවන්ගේ හිනා මූනු දැකලා මම සතුටු වෙනව.. ඉරිසියාව කියන්නේ මොකද්ද කියලවත් නොතේරෙන පොඩි උන් ටික වට කරන් බක මූණන් පියාඹතී කියද්දි දැනෙන සතුට තමයි මගේ තෘප්තිය… 
සල්ලි කියන දේ මත්තෙම පමණක් හඹා නොගිහින් දරුවෙක්ට අකුරක් කියලා දෙන්න චූටි ටීචර් කෙනෙක් වෙන්න… එයයි ඔබට ලද හැකි උතුම්ම සතුට………
South asian ඒ මගේ සොදුරු අහම්බකාරයා….ස්තූතියි ඔබට… 
 
අහම්බකාරයාණනි තනන්නට පුංචි ගුරුවරුන් දස දහසක් ප්‍රාර්තනාවත් මෙලෙසින් පුංචි තුටු පඩුරකින්…………
 
Gamage S Sugandi,
Principal ,
Little Me preschool and Learning Hut.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *